සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිළියන්දල සහ මොරටුව ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරයි

අප්‍රේල් 25, 2020

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිළියන්දල සහ මොරටුව ප්‍රදේශ වල ජනතාව අතර ඊයේ (අප්‍රේල් 24) දින සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැර තිබේ.

මෑතදී ආරම්භ කරන ලද ඌව පරණගම සහ වැලිමඩ මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලින් ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත් පලතුරු සහ එළවළු ප්‍රදේශවාසින් අතර බෙදා හරින ලදි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙල මගින්, සිය අස්වනු විකිණීමට නොහැකි ගොවීන්ට සහ ඇඳිරි නීතිය යටතේ පීඩාවට පත් නිවැසියන්ට මහත් ප්‍රතිලාභ සැලසේ.