ජුනි 03, 2019

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ ආරක්ෂක කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් ආර් ක්ලාක් කූපර් (Mr. R Clarke Cooper) මහතා අද (ජූනි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්ෂක ලේකම්තුමන් සහ ඇමෙරිකානු නිලධාරින් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි වූහ..