විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය හරහා වෙසක් සැමරීමට ඇති හැකියාව පිළිඳව ජනාධිපතිගේ අවධානය

අප්‍රේල් 25, 2020

විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය හරහා වෙසක් සැමරීම පිළිබඳව ත්‍රෛයි නිකායික ප්‍රධාන නාහිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 25) ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

COVID-19 පිළිබඳ වත්මන් තත්වය පිළිබඳ තමන් විසින් මහනාහිමිවරුන් දැනුවත් කල බවත් කෘෂිකාර්මික කටයුතු උදෙසා පන්සල් ඉඩම් සංවර්ධනය කිරීම පිළිබඳවද උන් වහන්සේලා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිතුමා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.