තරුණයකු ඇතුළු COVID-19 ආසාදිතයින් 13 දෙනෙකු අද දින වාර්තා වේ

අප්‍රේල් 25, 2020

කොරෝනා වෛරස් රෝගීන් 13 දෙනෙකු අද (අප්‍රේල් 25) වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකාවේ මුළු  රෝගීන් සංඛ්‍යාව 433 දක්වා ඉහළ ගොස් ඇති බව මීට සුළු මොහොතකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

ඔවුන් අතර කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ  තරුණයෙකු (12), කන්දකාඩු  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු, වැලිසර නාවික හමුදා කඳවුරේ සිව්දෙනෙකු සහ  මොණරගල ප්‍රදේශයේ එක් අයෙකු සිටී.