ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 133 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන එයි

අප්‍රේල් 26, 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද පස්වරුවේ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 133 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබේ.

ඔවුන් ඉන්දියාවේ කොයිම්බතූර්හි අතරමංව සිටි මෙම පිරිස කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 1194 ගුවන් යානයෙන් මෙම කණ්ඩායම ආරක්ෂිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන එන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහය ඇතිව ඔවුන් අද දින නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ.