වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වෛරසය අසාදිතයින් වැලිසර නාවික හමුදා රෝහල වෙත ඇතුලත් කෙරේ

අප්‍රේල් 26, 2020

වැලිසර නාවික හමුදා මහ රෝහලේ කොරෝනා රෝගීන්  ඇතුලත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කෙරේ. රෝහල් පරිශ්‍රය වෙතට ඇතුලත් කරනු ලබන කොරෝනා වෛරසය අසාදිතයින් සම්පූර්ණ විෂබීජහරණය කිරීමේ වැඩසටහනකට ලක්කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මීට පෙර හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සමීප සබදතා පවත්වා ඇති අය සඳහා ප්‍රමුඛතාවය මත PCR පරීක්ෂණ දැන් සිදුකරනු ලබන බැව් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.        තවද, ශ්‍රී ලංකා නාවික හමුදා විෂබීජහරණ වැඩසටහන යටතේ වැලිසර නාවික හමුදා කඳවුර කඩිනමින් විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.