ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 505 දක්වා ඉහළ යයි.

අප්‍රේල් 26, 2020

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 20 දෙනෙකු අද හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු රෝගීන් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර, රෝගීන් 120 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි රෝගීන් 350 දෙනෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.