දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය අද දින තාවකාලිකව ලිහිල් කෙරේ

අප්‍රේල් 28, 2020

දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් ඇඳිරි නීතිය අද දින (අප්‍රේල් 28) දිස්ත්‍රික්ක 21  ක් සදහා  අලුයම  5 ට තාවකාලිකව ඉවත්  කල  අතර රාත්‍රී 8 සිට ඇඳිරි නීතිය නැවත පනවනු ලැබේ. මෙම දිස්ත්‍රික්ක 21 සදහා  උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කිරීම සිකුරාදා (මැයි 01) දින දක්වා ක්‍රියාත්මක වේ

මිට පෙර, මෙම දිස්ත්‍රික්ක 21 සඳහා ඇඳිරි නීතිය සඳුදා (27) ලිහිල් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල දැනට පවතින ඇඳිරි නීතිය මැයි 04 වන දින අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ.