බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු නැවත සිය රටට පැමිණෙයි

අප්‍රේල් 28, 2020

බංග්ලාදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු ඊයේ (අප්‍රේල් 27) ශ්‍රී ලංකන්  ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි  සිසුන්, වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව  ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු  ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.