ඉන්දියාවේ සිට පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ

අප්‍රේල් 28, 2020

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ඉරිදා (අප්‍රේල් 26) දින සවස කොයිම්බතූර් ගුවන්තොටුපළෙන් කොළඹට පැමිණියහ.

පැමිණි පිරිස්, වෛද්‍ය පරීක්‍ෂණයකින් පසුව යුද හා නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිසුන් වන අතර, පවතින සෞඛ්‍ය තත්වය හේතුවෙන් මසකට වැඩි කාලයක් ඉන්දියාවේ අතරමංව සිටියහ.