වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ (අප්‍රේල් 27)දින සිදු කර ඇත

අප්‍රේල් 28, 2020

වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ (අප්‍රේල් 27) දින සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. ඊයේ දින තුල පමණක් සිදුකල පරීක්ෂණ සංඛ්‍යාව 1400 කි.

“තව දුරටත් පරීක්ෂණ සිදුකිරීම් වැඩි කරමින්, මඩකලපුව ශික්ෂණ රෝහල ඊයේ දින සිට පරීක්ෂණ කටයුතු සදහා යොදා ගන්නා ලදී. ඒ අනුව PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා දිවයිනේ ආයතනයන් 16 ක් පිහිටුවා ඇත. ”වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

කොළඹ, පේරාදෙණිය සහ කැලණිය විශ්ව විද්‍යාල බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින ක්‍රියාවලියට සහාය දැක්වීම සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට ඔවුන් එකග වූ බව ඔහු පැවසීය.