විද්‍යුත් මාධ්‍ය හරහා වෙසක් සැමරීම පිලිබදව රජයේ අවධානය

අප්‍රේල් 29, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඊයේ (අප්‍රේල් 28) දින හමුවූ අවස්ථාවේදී එළඹෙන වෙසක් සැමරුම් සඳහා විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව පිලිබදව අවධාරණය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ විසින් නිවසේ රැඳී සිටිමින්  එළඹෙන වෙසක් උත්සවය සැමරීමට මහජනතාවගෙන් ඉල්ලා සිටීමට එකග වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වන විට COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති පියවරයන් සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිලිබදව  මහා නා හිමිපාණන් වහන්සේ සහ කාදිනල් හිමිපාණන් විසින්   ප්‍රශංසා කරන ලදි.

ඉදිරි සති කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රමයෙන් ලිහිල් කිරීමට හැකි වෙතැයි ජනාධිපතිතුමා විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙත ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රාජපක්ෂ සඳහන් කරන කළේ , මෙම ප්‍රහාරය පිටුපස සිටින අය හඳුනා ගැනීම රජයේ වෑයම බවයි.