කොරෝනා වෛරසය එරෙහිව සටන් කරන ත්‍රිවිධ හමුදාවට අපහාස නොකරන ලෙස ආරක්ෂක ලේකම් මහජනතාවගෙන් ඉල්ලා සිටී

අප්‍රේල් 29, 2020

වෛරසය පැතිරීම වැළැක්වීම සදහා  සටන් කල ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට  විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආසාදිත වූ නැවියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපහාස නොකරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගියා මෙරටින් සොයාගත් දා සිට රටවැසි සමස්ත ජනයා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා සිදුකරන සටනේදී පෙරමුණ ගෙන ක්‍රියාකරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්  සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව ඔහු පැවසීය.

වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ නැවියන් කිහිප දෙනෙකුට වෛරසය වැළඳී ඇත. ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් සොයා ගැනීම සදහා  සෞඛ්‍ය බලධාරීන්ට සහාය වෙමින් සිටියදී ඔවුනට වෛරසය ආසාදනය  වී ඇත. එහෙත්, සමහර නැවියන් නිවාඩු ලබා ගෙදර ගොස් සිටි අවස්ථාවේ  ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයින්ම  ඔවුන්ට එරෙහිව පැමිණිලි කරන ආකාරය දැකීම ඉතා අවාසනාවකි. ඔහු පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා වෛරසය ආසාදිත සිද්ධීන් වාර්තා වූ පසු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කරමින් ඔවුන් කඳවුරුවෙත ගෙන්වාගෙන ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

නිවාඩු ලබා සිටි සමහර නැවියන් කිහිපදෙනෙකුට ඔවුන් අසාදනය වූ හෝ නොවූ බවවත් නොදැන සහ ඔවුන්ගේ පවුල්වලට අසල්වාසීන්ගේ හිරිහැරවලට මුහුණ දීමට සිදු වූ බවද  ඔහු කියා සිටියේය.

“ත්‍රිවිධ හමුදා භටයන් ත්‍රස්තවාදයෙන් මෙන්ම ගංවතුර, නායයෑම්, සුනාමි වැනි ස්වභාවික ව්‍යසනවලින් සහ මිනිසා ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ව්‍යසනයන්ගෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වුවද එයද නොසලකා ඔවුන්ව බේරා ගත් බව මෙරට ජනතාවට අමතක වූ  ඇත මේ මොහොතේ ඔවුන් මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති අවස්ථාවේදී ජනතාව ඔවුන්ට එරෙහිව ගොස් ඇත” ඔහු පැවසීය.

මේ අතර, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද පූර්වාරක්ෂක පියවරයන් පිළිබඳව යළිත් වරක් පවසා සිටි ආරක්ෂක ලේකම්වරයා  වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පෙරමුණේ සිට සටන් වදින ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිරිහැර නොකර ඔවුන් හා එක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.