පුද්ගලයින් 3,609 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී - COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී

අප්‍රේල් 30, 2020

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 32 ක පුද්ගලයන් 3,609 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර, ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කර ඊයේ (අප්‍රේල් 29) දින වන විට පිටව ගොස් ඇති  මුළු පුද්ගලයින් සංඛ්‍යාව  4,659 දෙනෙකි.

මීට අමතරව, වැලිසර නාවික හමුදා කඳවුරේ COVID-19 ආසාදිත නාවිකයින්ගේ සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිත බවට වාර්තා වූ පිරිස අතුරින්  147 දෙනෙකු කදවුරු පරිශ්‍රය තුළ සිටින අතර 79 දෙනෙකු කඳවුරෙන් පිටත සිටියදී හඳුනාගෙන ඇත.