ක්‍රීඩා කටයුතු/පුද්ගලික ආරක්‍ෂාව/දේපල ආරක්‍ෂාව සහ පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන සඳහා ලබා දී ඇති ගිනි අවි සඳහා 2019 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම

ජනවාරී 24, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2019 .01 .22 ,23 සහ 24 දිනයන්හිදී ජාතික රයිෆල් සංගමය (NRA) සහ ජාතික ක්‍රීඩා වෙඩිතැබීමේ සංචිතයට (NSSF) අයත් ක්‍රීඩා කටයුතු සඳහා පමණක් ලබා දී ඇති ගිනි අවි වල සංගණනය සහ නිවැරදිතාවය පරික්ෂාකර 2019 වර්ෂය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකරනු ලබයි. තවද පුද්ගලික ආරක්‍ෂාව, දේපල ආරක්‍ෂාව සහ පුද්ගලික ආරක්‍ෂක නියෝජිත ආයතන වෙත ලබා දී ඇති අනෙකුත් සියලුම ගිනි අවි සඳහා 2019 වර්ෂය වෙනුවෙන් වූ බලපත්‍ර සුපුරුදු පරිදි නිකුත් කරනු ලබන අතර එම ගිනි අවි වල සංගණනය සහ නිවැරදිතාවය පරික්ෂා කිරීම නුදුරු දිනයකදී සිදු කිරීමට නියමිතය.