අද රාත්‍රියේ සිට මැයි 4 දින දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවේ

අප්‍රේල් 30, 2020

අද දින රාත්‍රී 8.00ට දිස්ත්‍රික්ක 21 ක් සදහා පැනවෙන ඇඳිරි නීතිය මැයි මස 04 වන දින අළුයම 5.00 දක්වා පවතින බව රජය නිවේදනය කර තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (අප්‍රේල් 30) දින උදෑසන 5.00 ට ලිහිල් කර රාත්‍රී 8.00 ට නැවත ක්‍රියාත්මක කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට පනවා ඇති ඇඳිරි නීතිය මැයි 4 දින උදෑසන  5.00 දක්වා ක්‍රියාත්මක වේ.