මාර්තු 20 දින සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 42,100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

අප්‍රේල් 30, 2020

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 42,101 ක් සහ වාහන 10,860 කට වැඩි ප්‍රමාණයක් මාර්තු 20 දින සිට අද (අප්‍රේල් 30) දින දක්වා වූ කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, අද (අප්‍රේල් 30) දින උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය  උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 544 දෙනෙකු සහ වාහන 141 ක් අත්අඩංගුවට ගෙන ඇත.