ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිව් දෙනෙකුට වෛරසය ආසාදිත බව තහවුරු වේ

මැයි 01, 2020

ශ්‍රී ලංකා නාවික හමුදා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු COVID-19 ආසාදිත බව  තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (30) කාත්තන්කුඩි මහ රෝහල වෙත යවා ඇත.

එම ආසාදිත වුවන්  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන එන ලද සුදුවැල්ල සහ ජාඇල ප්‍රදේශවාසින්  වේ.