කරෙයිනගර් ප්‍රදේශයේදී කලපුවට වැටුණු බස් රථයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩ ගනී

මැයි 02, 2020

යාපනයේ සිට කොළඹ බලා යමින් සිටියදී කරෙයිනගර් වේලිමගේදී  මාර්ගයෙන් ඉවතට පැන කලපුවට වැටුණු බස් රථයක් ගොඩට ගැනීම සදහා ඊයේ (මැයි 1) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කරෙයිනගර් ඩිපෝවට අයත් මෙම බස් රථය කරෙයිනගර් සිට කොළඹ බලා ගමන් කරමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට වැටී ඇත.

එම ස්ථානයට පැමිණි නාවික හමුදා දොඹකරයක් සහිත ආපදා රථයක් මගින් හානියට පත් වාහනය ගොඩට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇත.