අද දින තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වෙයි

මැයි 02, 2020

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 16 දෙනෙකු ඊයේ (මැයි 01) දින වාර්තා වීමත් සමග  ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් 09 දෙනාගෙන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, පස් දෙනෙකු ආසාදිත නාවික හමුදා සෙබළුන් සමග සමීප සම්බන්ධතා පැවත්වුවන් බවත් අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශවාසියෙක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.