වන්නි ප්‍රදේශයේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

ජනවාරී 25, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙහිදී යුද්ධ හමුදාව විසින් භාවිතා කල රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 54.38 කට අයත් නිල ලේඛණ පසුගිය බදාදා (ජනවාරි 22) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රඝාවන් මහතා වෙත යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි නිත්‍යානුකූලව භාරදෙන ලදී.

ඒ අනුව මෙවර නිදහස් කල ඉඩම් අතර රාජ්‍ය ඉඩම් අක්කර 40.74 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 13.64 ක් වේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂඨ හමුදා නිලධාරීන් සහ රජයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.