රජය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අතරතුර ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ ජන ජීවිතය නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රධාන මාර්ගෝපදේශ නිකුත් කරයි

මැයි 05, 2020

ඇඳිරි නීතිය පනවා තිබියදීත්, ආර්ථික පුනර්ජීවනය සහ ජන ජිවීතය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මහජනතාව විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු සහ මාර්ගෝපදේශ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (මැයි 04) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයේ සම්පූර්ණ අන්තර්ගතය පහත දැක්වේ :

 •    ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?
 
 •    කොළඹ, ගම්පහ, කළුතරසහපුත්තලමදිස්ත්‍රික්කවලනැවතදැනුම්දෙනතුරුඇඳිරිනීතියක්‍රියාත්මකවපවතී.

 •    සෙසුදිස්ත්‍රික්කවලඅද (04) සිටමැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේදිස්ත්‍රික්කවලමැයි 06 බදාදා,රාත්‍රී00 ටපනවනුලබනඇඳිරිනීතියමැයි 11 සඳුදාඅලුයම   5.00 දක්වාබලපවත්වයි.

 •    ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?

 •    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට,

 •    මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.
 
 •    ජනජීවිතය යථාතත්වයට පත්කිරීමේ මූලික කාර්යයන්සි දුවන්නේ කෙළෙසද?
 
 •    කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.

 •    ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

 •    ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
 
 •    පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.

 •    දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

 •    ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ.

 •    ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද?

 •    අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.

 •    නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.
 
 •    ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ?කවදා සිට ද ?
 
 •    ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
 •    මැයි 11 සඳුදා සිට
 •    ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.
 
ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඇඳිරිනීතියතිබියදී,ආර්ථිකසහජනජීවිතයයථාතත්වයටපත්කිරීම සිදුවනඅතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.

උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී.