ඩුබායි හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 197 ක් මෙරටට පැමිණේ

මැයි 07, 2020

ඩුබායි හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු රැගත් යූඑල් 226 ශ්‍රී ලංකන්  ගුවන් යානය අද (මැයි 7) දින උදෑසන 6.23 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සවන්දිකා බාලසුරිය පැවසීය.

තවද, ලන්ඩනයේ සිට ශ්‍රී ලාංකිකයන් 194 දෙනෙකු ඊයේ (මැයි 6) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 194 ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව ඇය defence.lk වෙත පැවසීය.

ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණීමෙන් පසු  දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සදහා පිටත් වීමට පෙර ගුවන් තොටුපලේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් විෂබීජහරණයට ලක්කළ බව බාලසුරිය  තහවුරු කළාය.