යුද්ධ හමුදාව නිරෝධායනය වෙමින් සිටින ළමුන් දෙදෙනෙකුගේ උපන් දින අලිමංකඩදී සමරයි

මැයි 07, 2020

අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි යාපනය හමුදා සාමාජිකයින් විසින් නිරෝධායනය වෙමින් සිටින ළමුන් දෙදෙනෙකුගේ උපන්දින සැමරුම් බදාදා (මැයි 6) දින සංවිධානය කරන ලදී.

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සෆාගේ 12 වන උපන්දිනය මැයි 4 වන දින සහ ෆාතිමා අර්ෂාඩ්ගේ 6 වන උපන්දිනය මැයි 6 යන දිනයන්හි යෙදී තිබුණි.

55 වන සේනාංකයේ භට පිරිස් විසින් සරල උපන්දින සාදයක් අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයේදී සමාජ දුරස්ථතාවය පවත්වා ගනිමින් ඉතා සුළු පිරිසක් ඒ සදහා සහභාගී විය.