යුද්ධ හමුදාව සිවිල් වැසියන් වෙනුවෙන් යාපනයේ ඉදිකරන ලද 701 වන නිවස හිමිකරු වෙත භාර දෙයි

මැයි 07, 2020

යාපනය ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් විසින් යාපනයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදිකරන ලද 701 වන නිවස එහි හිමිකරු වෙත පසුගියදා භාර දුන්නේය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් අවශ්‍යතා සහිත අය වෙනුවෙන් නිවාස ඉදිකිරීම ආරම්භ කළේය.

කන්කසන්තුරය ප්‍රදේශයේ ස්ථානගත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය (5 SLASC) විසින් ඉදිකරන ලද නව නිවස පසුගිය අඟහරුවාදා (මැයි 5) දින පැවති සරල උත්සවයකදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් උරුම්පිරායි බටහිර පදිංචි ආරුමුගම් රාසම්මා වෙත භාර දෙන ලදී.

නිවසේ ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයක් තුල අවසන් කිරීම සදහා 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සෙබළුන් තම ශ්‍රමදායකත්වය සැපයීය.