සිංගප්පූරුවේ සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයන් 382 දෙනෙකු මෙරටට

මැයි 08, 2020

සිංගප්පූරුවේ සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයින් 382 දෙනෙකු ඊයේ (මැයි 07) දින මෙරටට පැමිණියහ.

මෙම පුද්ගලයින් බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 303 සහ යූඑල් 226 ගුවන් යානා මගින් මෙරටට පැමිණ ඇත.

ඔවුන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.