චීනය පරිත්‍යාග කළ වෛද්‍ය සැපයුම් තොගය අද දින කටුනායක ගුවන් තොටුපලට පැමිණෙයි

මැයි 08, 2020

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා චීන රජය විසින් ලබාදුන්, කොරොනා වෛරස් න්‍යෂ්ටික අම්ල පරීක්‍ෂණ කට්ටල 30,000 ක් සහ වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි පුද්ගල ආරක්‍ෂණ උපකරණ 12,330 ක් සමන්විත වෛද්‍ය සැපයුම් තොගයක් අද සවස 6.45 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.
 
චයිනා ඊස්ටර්න් එයාර් ලයින්ස්හි එම්.යූ 231 ගුවන් යානය විසින් චීනයේ ෂැංහයි සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ප්‍රවාහනය කල මෙය චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වන වෛද්‍ය සැපයුම් වන අතර, ඒ සඳහා නවතම පුළුල් බඳක් සහිත එයාර් බස් 33එල් ගුවන් යානයක් යොදා ගෙන තිබේ.
 
නිෂ්පාදන හා සැපයුම් සීමා කිරීම හේතුවෙන් මෙම කාණ්ඩයේ ඉතිරි වෛද්‍ය සැපයුම් වන - පුද්ගල ආරක්‍ෂණ  උපකරණ  17,670 ක්, කේඑන් 95 මුහුණු ආවරණ 30,000 ක්, ආරක්‍ෂිත ඇස් කණ්ණාඩි 30,000 ක් සහ ශල්‍ය මුහුණු ආවරණ 600,000 ක් ඉදිරි දිනවලදී හැකි ඉක්මනින් නියමිත වේලාවට ලැබෙනු ඇති බවට චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලූ චෝං පැවසීය.