වෙසක් පෝදා යාපනයේ අසරණ පවුල් 750 ක් අතර යුද හමුදාව සහන පාර්සල් බෙදා හරී

මැයි 09, 2020

තොන්ඩමානාරු, කෙරුඩාවිල්, වැල්වැටිතුරේ, අවරන්ගල්, නවාලත්තල්, කෙට්පේලි, මිරුසුවිල්, පවාසිකුලම්, කයිතඩි, චාවකච්චේරි, කඩඩයිකාඩු, මල්ලාකම්, වෙත්තිලකර්නි, කෙවිල්, වල්ලෙයි, ඉනුවිල්, වඩුක්කෝඩ්ඩේයි, නාවන්තුරෙයි, සාවල්කට්ටු, උඩුවිල් සහ කයිට්ස් යන ප්‍රදේශවල 750 වැඩි පිරිසක් අතර වියළි සලාක පාර්සල් පනාගොඩ, යුද හමුදා බෞද්ධ සංගමයේ මූලස්ථානයේ  සහය ඇතිව වෙසක් පෝය දිනයේ (7) යාපනයේ හමුදා භටපිරිස් විසින් බෙදා හරින ලදි.    

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ උපදෙස් පරිදි භට පිරිස් යාපනය අර්ධ ද්වීපයේ එම ගම්මානවල අවශ්‍යතා ඇති අය අතර වියළි සලාක පාර්සල් සහ පෙර පිසින ලද දිවා ආහාර පාර්සල් බෙදා දී තිබේ.   

වෙසක් පෝය දින සැරසිලි සඳහා වියදම් කරන මුදල්, ඔවුන් මෙවර අවශ්‍යතා ඇති අය සඳහා සලාක පාර්සල් ලබා දීම වෙනුවෙන් යොදා ගෙන ඇත.