යුද හමුදාව පුත්තලම්හි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයට සලාක සහ ආහාර බෙදා දෙයි

මැයි 09, 2020

පුත්තලම්හි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් තිස් එක් දෙනෙකුට බ්‍රහස්පතින්දා (මැයි 07) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වියළි සලාක සහ ආහාර ලබා දෙන ලදී.

58 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු  නිලයන්ගේ  අනුග්‍රහය මත මෙම පරිත්‍යාගය සිදු කෙරිණි .

මීට අමතරව, කලදිය සහ නෙලුම්-වැව  ගම්මානවල අවශ්‍යතා ඇති පවුල් සඳහා භට පිරිස් විසින් පිසූ ආහාර පාර්සල් 120 ක් පරිත්‍යාග කරන ලදී.