මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් ජිවිතක්‍ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබති

ජනවාරී 26, 2019

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.00 ට පමණ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල කපිතාන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ පොල්පිතිගම, තලකොලවැව ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල කෝප්‍රල් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්ව ඇත.

එමෙන්ම, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්තව රාජකාරී කල කෝප්‍රල් එම්.ජි.එස්. කුමාරසිංහ, කන්නතොට ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්තව රාජකාරී කල ලාන්ස් කෝප්‍රල් කේ.සී. පුෂ්පකුමාර සහ මහව, කැකුණාව ප්‍රදේශයේ පදිංචි 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්තව රාජකාරී කල ලාන්ස් කෝප්‍රල් සී.එච්.එම්.සී. චන්ද්‍රසේකර යන මෙම ප්‍රහාරයට ලක්වූ යුද්ධ හමුදා සාමාජිකයින් නයිගර් ගඟබඩ ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි ගාඕ වෙළඳ නගරයේ රෝහලක ප්‍රතිකාර සඳහා ගුවනින් ගෙනගොස් ඇත.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.30 ට පමණ වැඩිදියුණු කරන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ලද අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරකයට ලක්ව ඇත.

දෛනික මෙහෙයුම අවසන් කරමින් WMZ සංග්‍රාමික රථයකින් පැමිණෙමින් සිටියදි මෙලෙස ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කපිතන්වරයෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්‍ෂයකට පත්ව යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරයෙන් WMZ සංග්‍රාමික රථයට සහ එය පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද හානි සිදුවී ඇත. මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් මුලස්ථානය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරනු ලබයි. තවද ප්‍රහාරය සම්බන්ධව වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය