වන්නි භට පිරිස් අලුතින් ඉදිකරන ලද නිවසක් නිවසක් නැති පවුලකට භාර දෙයි

මැයි 09, 2020

වන්නි ආරක්ෂක සේනා  මූලස්ථානයේ   සෙබළුන්  විසින් අලුතින් ඉදිකරන ලද නිවසක් බදාදා (6)දින  එප්පාවල, ඉහළ හල්මිල්ලෑව ,  අදිරානිගම හි ජීවත් වන අඩු ආදායම්ලාභී පවුලකට භාර දී තිබේ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වන්නි ආරක්ෂක සේනා  ආඥාපති  මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි නව නිවසේ යතුරු එහි හිමිකරු වන ඩබ්ලිව් ඒ උපුල් වනසූරියආරච්චි වෙත භාර දුන්නේය.

212 බලසේනාවේ බලසේනාධිපති මෙන්ම සහ  ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කර්නල් අනිල් පීරිස් ඇතුළු නිලධාරීන්,  7 වන    ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සහ නිවාස හිමිකරුගේ    ඥාතීන් නිවස  එම පවුලට භාරදීම සඳහා පැවති   උත්සවයට  සහභාගී වුහ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රීති ගජනායක, කර්නල් අනිල් පීරිස්ගේ  පුද්ගලික සම්බන්ධතා හරහා ,අවශ්‍ය සියලු පහසුකම් සහිතව නිවස ඉදිකිරීමට අනුග්‍රහය දැක්වූ අතර  සහ 7 වන  ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ සෙබළුන් විසින් ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.

අලුතින් ඉදිකරන ලද මෙම නිවස සාලය , කෑම කාමරය, නිදන කාමර, නාන කාමරය, මුළුතැන්ගෙය ආදිය ඇතුළත් වූ අතර  නිවාස ඉදිකිරීමට දායක වූ අනුග්‍රාහකයා විසින්ම  තෑගි කරන ලද අත්‍යවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ වලින් ද සමන්විත විය.