රැඳවියන් 118 දෙනෙකු නාවික හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවෙයි

මැයි 09, 2020

ඊයේ (8) දින තවත් රැඳවියන් 118 දෙනෙකු දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු නාවික හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව ගියහ.

ඒ අනුව කොළඹ, ගුණසිංපුර, වේල්ල වීදිය, ග්‍රෑන්ඩ් පාස් සහ නාගලගම් වීදිය ප්‍රදේශවලින්  හඳුනාගත්  පුද්ගලයින් 98 දෙනෙකු සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඉවත්ව ගිය අතර ජා-ඇල ප්‍රදේශයෙන් හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පීසීආර් පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියහ.

නිරෝධායනයට භාජනය වූවන්  අතරින්  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය මගින් පවත්වාගෙන යන  නිට්ටඹුව, ඌරපොල    පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත  යොමු කර තිබේ.