යුද්ධ හමුදාවෙන් මුලතිව් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල්වලට පිසූ ආහාර සහ වියළි සලාක

මැයි 10, 2020

මුලතිව් ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ වෙසක් වැඩසටහන්හි කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් ලබා දුන්හ.

නන්දිකඩාල් ප්‍රදේශයේ අසරණ ගම්වැසියන්ට බ්‍රහස්පතින්දා (මැයි 7) පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් ලබා දුන් අතර මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන හමුදා සාමාජිකයින් විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ  සිවිල් වැසියන් වෙත සිකුරාදා දින වියළි සලාක පාර්සල් 50 ක් පරිත්‍යාග කරන ලදී.