මේ වන විට සුවය ලද පුද්ගලයින් 321 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත

මැයි 10, 2020

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් මුදා හැරීමත් සමඟ මෙරට තුල සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන පරිදි වෛරසය ආසාදිතව සිට එක් දිනක් තුළ සුවය ලැබූ පුද්ගලයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ දිනය මෙය වේ.

කොරෝනා වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව 847 ක් වන අතර රෝගීන් 517 ක් ප්‍රතිකාර ලබමින් සිටි. මේ දක්වා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත්තේ රෝගීන් 9 දෙනෙකු පමණි.