සිවිල් වැසියන් 604 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 11, 2020

තවත් සිවිල් වැසියන් 604 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සති තුනක නිරෝධායන කාල සීමාව අවසන් කර ඉරිදා (මැයි 10) දින නිවෙස් බලා පිටත්ව ගියහ.   

ඔවුන් යුධ හමුදාව විසින් පවත්වාගෙන යන පූනානි, කුරුණෑගල ලයිසියම්, අයියකච්චි, විඩත්තල්පලෙයි, ඩොල්ෆින් හෝටලය, හේකිත්ත සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන මුලතිව් යන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය ක්‍රියාවලියට ලක් කර ඇත.   

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට පෙර එම පුද්ගලයන් අවසාන වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කරන ලද අතර නිරෝධායන සහතික පත්ද ප්‍රදානය කරන ලදි.