සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමය (DSWDOA) නැවත භාවිතා කළ හැකි ආරක්ෂක ඇදුම් කට්ටල පරිත්‍යාග කරයි

මැයි 11, 2020

සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමය විසින් අද (මැයි 11) කොරෝනා වෛරසය ව්‍යාප්තියට එරෙහිව පෙරමුණ ගෙන සටන් කරන සෞඛ්‍ය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් අතර බෙදා දීම සඳහා නැවත භාවිතා කළ හැකි ආරක්ෂක ඇදුම් කට්ටල 100 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම රු. 200,000 ක් වටිනා ආරක්ෂක ඇදුම් කට්ටල තොගය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාරගෙන තිබේ.

සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මේජර් (විශ්‍රාමික) ගයානාත් අසේල, කර්නල් (විශ්‍රාමික) පී. සී. වනිගසේකර සහ මේජර් (විශ්‍රාමික) පුන්සිරි ගුණරත්න යන අයද මෙම අවස්ථාවට සහභාගී වුහ.