බැංකොක් සිට ශ්‍රී ලාංකිකයන් 69 ක් පැමිණේ

මැයි 19, 2020

බැංකොක් සිට   ශ්‍රී ලාංකිකයන් 69 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 17) දින මව්බිමට පැමිණියහ.

මෙම කණ්ඩායම ඊයේ දින සවස මාලදිවයින් ගුවන් සේවයේ Q2 6351 ගුවන් යානයෙන් පැමිණියේය.

පැමිණි පිරිස  මූලික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර සති තුනක කාලයක් සදහා නිරෝධායනය වෙත යොමු කරන ලදී.