මැයි 24 සහ 25 යන දිනවල රට පුරා ඇඳිරි නීතිය - ජනාධිපති මාධ්‍ය අංශය

මැයි 22, 2020

මීට සුළු මොහොතකට  පෙර ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් පවසා  සිටියේ මැයි 24 සහ 25 යන දිනයන්හි දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ඇති බවයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවලඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට පසුදාඅලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ මැයි23 සහ  මැයි 26 අඟහරුවාදා ක්‍රියාත්මක වේ . පෙර නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී