නාවික හමුදාව වෙනුවෙන් ආධාර ලබා ගැනීමට බාහිර ආයතනවලට අවසර දී නොමැත

මැයි 22, 2020

පරිත්‍යාග ඉල්ලුම පිලිබදව ව්‍යාජ ලෙස ගොතන ලද ප්‍රචාරයන් සංසරණය වීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටින්නේ කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබන බවයි.

එසේ වුවද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්‍ෂණය වන අතර, නාවික හමුදාව කිසිදු විටෙක එලෙස දෙවන පාර්ශවයක් වෙත නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර වලින් නොමග නොයන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටී.