ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංශෝධිත ඇඳිරි නීතිය නිවේදනය නිකුත් කරයි

මැයි 24, 2020

•    මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.

මැයි 22 වන දින ප්‍රකාශයට පත් කරන ලද ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සියලු දිස්ත්‍රික්ක සඳහා යාවත්කාලීන කරන ලද නිවේදනයක් නිකුත් කර තිබේ.

එයට අනුව, මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ. මීටඅමතරව මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්රියාත්මක වනුයේ දිනපතා රාත්රී 10.00 සිට පසුදා අලුයම 4.00 දක්වා පමණි.

ඉරිදා (24) සහ සඳුදා (25) රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා (26) අලුයම 4.00 වන විට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.