බංග්ලාදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙක් අද දිවයිනට

මැයි 24, 2020

බංග්ලාදේශයේ සිට  ශ්‍රි ලාංකිකයන් 276 ක් රැගත් ශ්‍රී ලංකන් යූඑල් 1423 යානය අද (24) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  පැමිණ ඇති බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ශාලුත  රත්නායක පැවසීය.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ආපසු පැමිණි සියලු දෙනා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය ගුවන් තොටුපල බලධාරීන් විසින් විෂබීජහරණය කර ඇති බව රත්නායක defence.lk වෙත පැවසීය.