රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු මෙරටට පැමිණේ

මැයි 25, 2020

රුසියාවේ මොස්කව්හි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1206 ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද (මැයි 25) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු සවන්දිකා බාලසුරිය පැවසීය.

මෙරටට පැමිණි සියලු දෙනා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා පිටත්ව යාමට පෙර ගුවන් තොටුපල බලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී විෂබීජහරණයට ලක් කල බව ඇය defence.lk වෙත පැවසුවාය.

මීට පෙර රුසියාවේ සිට මෙරටට ගෙන්වාගත් 260 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායම  මැයි 22 වන දින දිවයිනට පැමිණි  බවද  ඇය පැවසුවාය.