ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 64,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

මැයි 25, 2020

මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 64,387  දෙනෙකු සහ රථ වාහන 18,169  ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තාවලට අනුව අද  (මැයි 25 ) දින උදෑසන  6.00 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1710  දෙනෙකු සහ  රථවාහන 557  ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති නඩු සංඛ්‍යාව  20,497  කි.