යුද හමුදා සෙබළුන් ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා නගර පිරිසිදු කරයි

මැයි 26, 2020

ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් පසුගිය සිකුරාදා (මැයි 22) දින කිලිනොච්චි ප්‍රදේශයේ දියත් කළහ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය සති කිහිපය තුළ අධික වර්ෂාවක් ලැබුණි.

කරච්චහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීම පරිදි 7 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු සෙබළුන් විසින් මෙම වැඩසටහන දියත් කරන ලදී.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.