කටාර් සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් යළි මෙරටට

මැයි 27, 2020

කටාර්හි දෝහා සිට ළදරුවන් සිව්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකු රැගත් යූඑල් 218 ගුවන් යානය අද (27) දින පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරන  පැවසීය.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ආපසු පැමිණි සියලු දෙනා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය ගුවන් තොටුපල බලධාරීන් විසින් විෂබීජහරණය කර ඇති බව විදානපතිරන defence.lk වෙත පැවසීය.