ආරක්ෂක ලේකම් යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලයේ සංචාරයක

මැයි 27, 2020

යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලය ඉදිකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (27) දින පොරොන්දු විය.

මේජර් ජෙනරාල් ගුණරත්න යූනියන් පෙදෙස, විසුම්පායෙහි යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පරික්ෂා කිරීම සදහා සිය පළමු සංචාරය සිදුකරමින් , එහි වත්මන් තත්වය පිළිබඳව ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර , ත්‍රිවිධ හමුදධිපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කරන ලදී.

ආරක්ෂක ලේකම්  මේජර් ජෙනරාල් ගුණරත්න ජාතික ආරක්ෂක විද්‍යාලය සදහා ලබා දී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත යටත් විජිත ශෛලියේ බංගලාව වෙත ගිය අවස්ථාවේ දී එහි අලංකාරතත්වය එලෙසම පවත්වා ගනිමින් තවදුරටත් අලංකාර ස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සැලැස්ම සමාලෝචනය කරමින් පවතින සම්පත් ඵලදායිව ප්‍රයෝජනයට ගනිමින් වැඩ කටයුතු කඩිනම් කරන ලෙස එම නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි.