සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත තුල විෂබීජහරණ වැඩසටහන ආරම්භ කරයි

මැයි 27, 2020

 ‘ස්වර්ණවාහිනී’ රුපවාහිනී නාලිකාව විසින් පවත්වන ‘ස්වර්ණ සත්කාර’ වැඩසටහන සමඟ සම්බන්ධතාවයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (26) දින දිවයිනේ බස්නාහිර පළාතේ නගර ආවරණය වන පරිදි විෂබීජහරණ වැඩසටහනක් ආරම්භ කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්ගේ උපදෙස් පරිදි මෙම ඒකාබද්ධ වැඩසටහන ආරම්භ කරන ලද අතර සමාරම්භය සනිටුහන් කරමින් බම්බලපිටිය දුම්රිය ස්ථානය සහ යුනියන් පෙදෙසේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විෂබීජහරණය කරන ලදි.