ඉටුකම COVID-19 අරමුදල සදහා පරිත්‍යාග කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට රු. 61000 ක්

මැයි 27, 2020

නැගෙනහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ සහකාර අධ්‍යක්ෂ, පූජ්‍ය කිරිදිවැල ශ්‍රී සෝමරතන හිමියන් විසින් රු. 61000 ක් මුදලක් අද (27) ආරක්ෂක අමාත්‍යාංශයේ ‘ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල' වෙත පරිත්‍යාග කරන ලදි.

පූජ්‍ය සෝමරතන හිමියන්ගේ එක් මසක වැටුප පරිත්‍යාග කල එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පවසා සිටියේ දිවයිනේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙම පරිත්‍යාගය පිටිවහලක් වනු ඇති බවයි.

පූජ්‍ය සෝමරතන හිමියන් අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ පරිවේණාධිපති සහ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක ධුරයද හොබවයි.