කුවේට්හි සිට පැමිණි 97 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වේ

මැයි 28, 2020

ඊයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයින් 150 දෙනාගෙන් 97 දෙනෙකුම  කුවේටයේ සිට පැමිණි පුද්ගලයින්ය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ අනෙකුත් ආසාදිතයින් 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල  සිටි  නැවියන් බවයි.

ඒ අනුව, බදාදා දින වන විට කොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1,469 දක්වා ඉහළ ගොස් තිබේ.