ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 66,519 ක් සහ වාහන 18,733 ක් අත්අඩංගුවට

මැයි 28, 2020

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මාර්තු 20 දින සිට අද (මැයි 28) අළුයම 4.00 දක්වාවූ කාලය තුල පුද්ගලයින් 66,519 ක් සහ රථ වාහන 18,733ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 178 දෙනෙකු සහ රථවාහන 38 ක් අත්අඩංගුවට ගෙන තිබේ.